අපි ගැන
අපගේ විෂය පථය
ජාත්‍යන්තර හා දේශීය විද්යුත් ජාල සමඟ ප්‍රශස්ත තොරතුරු තාක්ෂණ ක්‍රමෝපායන් සම්බන්ධීකරණය කරමින් සෞඛ්‍යය අධ්‍යාපනය, සුභසාධන සහ රාජ්‍ය සේවා මෙන්ම ව්‍යාපාරික අංශයේ කාර්යක්ෂම කළමනාකරණය සඳහා ඩිජිටල් පාලන සේවා පිහිටුවීම.
විෂයයන් සහ කාර්යයන්
අතිගරු ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීම සඳහා දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන මෙන්ම ජනාධිපති කාර්ය සාධක බළකායේ අධීක්ෂණය මගින් පුද්ගල කේන්ද්‍රිය ආර්ථික හා සමාජීය සංවර්ධනයක් ඇති කිරීම. ක්‍රියාත්මක වෙමින් පවතින ජාතික ප්‍රතිපත්ති මත පදනම්ව, ඉහත ජනාධිපති කාර්ය සාධක බලකායේ සහය ලබා ගනිමින්, අදාළ අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණයෙන් සහ අදාළ නීති රීතිවලට අනුකූලව කටයුතු කිරීම.
විශේෂ ප්‍රමුඛතා
රාජ්‍ය යන්ත්‍රෝපකරණ සහ වෙළඳපල අංශවල ක්‍රියාවලීන් සරල කිරීම මගින් කාර්යක්ෂම සහ මහජන කේන්ද්‍රීය සේවා සැපයීම සහ දැනුම හුවමාරු කිරීම සඳහා මෙවලමක් ලෙස තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් ඩිජිටල් පාලනය පුළුල් කිරීම.
ජාත්‍යන්තර ඊ-වාණිජ්යය සහ ජාත්‍යන්තර ඉලෙක්ට්‍රොනික ගෙවීම් පද්ධති ස්ථාපනය කිරීම.
රටපුරා අධිවේගී දත්ත හුවමාරු පද්ධතියක් සහ ඒ ආශ්‍රිත ජංගම දුරකථන ජාල පද්ධතියක් ස්ථාපිත කිරීම.
දත්ත ආරක්ෂණය, සයිබර් ආරක්ෂාව සහ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සඳහා නව නීති සහ ආයතනික රාමුව සංවර්ධනය කිරීම.
ඩිජිටල් පාලනය සහ ආයතනික ව්‍යහුය සඳහා අවශ්‍ය නීති පද්ධතිය සහ නියාමන රාමුව හඳුන්වා දීම, පාරිසරික සංවේදීතාව, තොරතුරු තාක්ෂණය, දැනුම සහ කුසලතා, සෞඛ්ය, සංචාරක සහ ක්‍රීඩා යන අංශවල ශ්‍රීලාංකීය සුවිශේෂත්වය ඉස්මතු කිරීම.
ව්‍යාවසාය සංවර්ධන තාක්ෂණික යටිතල පහසුකම් සහ ඒ ආශ්‍රිත සේවාවන් පුළුල් කිරීම මගින් තාක්ෂණික ව්‍යාවසාය ආර්ථිකයකට පරිවර්තනය කිරීම
තාක්ෂණික අංශයේ අපනයන දායකත්වය සහ ජාතික ආර්ථිකයේ දැනුම හා වෘත්තීය සේවා දායකත්වය.
තාක්‍ෂණය කේන්ද්‍ර කරගත් ආයෝජන, ව්‍යාපාර, ව්‍යවසායකත්වය සහ ඒ ආශ්‍රිත සේවා කර්මාන්ත වෙත සංක්‍රමණය වීම තුළින් තරුණ තරුණියන් සඳහා ඉහළ ආදායම් උත්පාදන රැකියා උත්පාදනය කිරීම සඳහා තාක්ෂණ උද්‍යාන පිහිටුවීම.
තාක්ෂණික අංශයේ අපනයන දායකත්වය සහ ජාතික ආර්ථිකයේ දැනුම හා වෘත්තීය සේවා දායකත්වය.
තාක්‍ෂණය කේන්ද්‍ර කරගත් ආයෝජන, ව්‍යාපාර, ව්‍යවසායකත්වය සහ ඒ ආශ්‍රිත සේවා කර්මාන්ත වෙත සංක්‍රමණය වීම තුළින් තරුණ තරුණියන් සඳහා ඉහළ ආදායම් උත්පාදන රැකියා උත්පාදනය කිරීම සඳහා තාක්ෂණ උද්‍යාන පිහිටුවීම.