Skip to main content

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා තාක්ෂණික නවෝත්පාදනය කෙරෙහි අවධානය යොමු කරවීමේ සුවිශේෂී වැඩසටහනක්

· One min read
MoT Editor

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා තාක්ෂණික නවෝත්පාදනය කෙරෙහි අවධානය යොමු කරවීමේ සුවිශේෂී වැඩසටහනක් 2024 ජූනි 3 දින අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. ඒ සඳහා 250 අධික දේශීය ව්‍යවසායකයින් සහභාගී විය.

මෙහිදී මොවුන්ට GMP සහතික ලබාගැනීම පිළිබඳ ව්‍යවසායකයින් දැනුම්වත්කිරීම (ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය), අන්තර්ජාලය හරහා වෙළඳ පහසුකම් ලබා ගැනීම පිළිබඳ දැනුවත් කිරීම හා Freelancing පිළිබඳ හදුන්වා දීම (ICTA), ව්‍යවසායකයන් වෙනුවෙන් හදුන්වා දී ඇති තාක්ෂණික යන්ත්‍රෝපකරණ පිළිබඳ දැනුම්වත් කිරීම (NERD) සිදුවිය.

මෙයට තාක්ෂණ අමාත්යංශ ලේකම් ධර්මශ්‍රී කුමාරතුංග, අතිරේක ලේකම් AKR අලවත්ත යන මහත්වරු මෙන්ම, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), විදාතා අංශය, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, ලංකා බැංකුව හා මහජන බැංකුව ආදී ආයතන වල නියෝජිතයින් ද මේ සඳහා සහභාගි විය.