Skip to main content

ශ්‍රී ලංකාවේ 16 වන ජාතික සයිබර් ආරක්ෂණ සමුළුව 2025 පසුගිය දා කොළඹදී පැවැත්විය.

ICT Division

ශ්‍රී ලංකාවේ 16 වන ජාතික සයිබර් ආරක්ෂණ සමුළුව 2025 , " ශ්‍රී ලංකාව සඳහා වඩාත් විශ්වාසදායී සයිබර් ආරක්ෂණ පරිසරයක් නිර්මාණය කිරීම" යන මැයෙන් නොවැම්බර් මස 12 වන දින බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, දෙස් විදෙස් නියෝජිතයින් සහ ආරාධිතයන් 400 කට වඩා වැඩි ප්‍රමාණයක සහභාගීත්වයෙන් පැවැතිණ.

ප්‍රතිපත්ති සම්පාදකයින්,තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ නිරත වෘත්තීයවේදීන්, ශාස්ත්‍රඥයින්, තාක්ෂණ විශේෂඥයින් සමගින් රජයේ, පෞද්ගලික අංශයේ, ව්‍යාපාරික සමාගම්, රාජ්‍ය නොවන සංවිධාන සහ විශ්ව විද්‍යාලවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම ජාතික සමුළුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් ඒකාබද්ධව සංවිධානය කරනු ලැබිණ.

මෙවර සමුළුවේ දී "ප්‍රතිපත්තීන් හැඩගැස්වීම, භාවිතයන් සක්‍රීය කිරීම සහ ජාතික වශයෙන් ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු විය. සයිබර් සූදානම වැඩිකිරීම, ඩිජිටල් විශ්වාසය සහ සයිබර් තර්ජන වැඩිවන යුගයක ජාතික ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා රටේ උපායමාර්ගික දිශාගත කිරීම ඉන් පිළිබිඹු කෙරෙන අතර සයිබර් ආරක්ෂණ සංවර්ධනය සහ ධාරිතාව වර්ධනය සඳහා සෑම අංශයක්ම ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරන ශක්තිමත් බහු-පාර්ශ්වකරුවන්ගේ සහයෝගීතාවයක් ගොඩනැගීම අඛණ්ඩව කරගෙන යාම සමුළුවේ අරමුණ විය.

පැමිණ සිටි පිරිස අමතමින් ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය, එරංග වීරරත්න මහතා ඩිජිටල් පද්ධති කෙරෙහි මහජන විශ්වාසය ශක්තිමත් කිරීම පිළිබඳ දේශනයක් පැවැත් වූ අතර එහිදී ඔහු අතීතයේ මෙන් යුධ ගැටුම් ඇතිවන්නේ අවි ආයුධ වලින් පමණක් නොවන බවත් මේ නිසා සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් අන්තර් ජාතික වශයෙන් සහයෝගීතාවන් ගොඩනගා ගනිමින් කටයුතු කළ යුතු බවත් පෙන්වා දුන්නේ ය.

සමුළුව ආරම්භ කරමින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සභාපති, තිලක් පතිරගේ මහතා වසින් පිළිගැනීමේ දේශනය පැවැත් වූ අතර, ආර්ථික ව්‍යාප්තියේ සහ ගෝලීය තරඟකාරිත්වයේ මූලික පදනම සයිබර් ආරක්ෂාව බව අවධාරණය කරමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වීය.

අනතුරුව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (Sri Lanka CERT) වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කනිෂ්ක කරුණාසේන මහතා විසින් ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡාකරමින් විශේෂ දේශනයක් පැවැත් වූ අතර ගෝලීය සයිබර් ආරක්ෂණ ප්‍රවණතා ශ්‍රී ලංකාවේ ජාතික සූදානම හැඩගැස්වීම පිළිබඳව සමුළුවේ ප්‍රධාන දේශනය ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ ටකාෆුමි කඩෝනෝ මහතා විසින් පැවැත්වීය.

මීට අමතරව සමුළුවට සමගාමීව ආරාධිත දේශන, සැසි පැවති අතර එහිදී ජාතික සයිබර් පාලනය, ඩිජිටල් යටිතල පහසුකම්වල ආරක්ෂාව, සයිබර් ආරක්ෂණ නීතිය සහ දත්ත ආරක්ෂණ රාමු, මාර්ගගත ආරක්ෂාව, මෙහෙයුම් ඔරොත්තු දීමේ හැකියාව, ගෝලීය සයිබර් ආරක්ෂක සහයෝගීතාවය මෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI), ක්ලවුඩ් පරිගණකකරණයහි ආරක්ෂාව (Cloud Computing Security) සහ ක්වොන්ටම් පද්ධති ආරක්ෂාව (Quantum security) වැනි නැගී එන තාක්ෂණයන්හි වගකිවයුතු භාවිතය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණ.

මෙම වසරේ සමුළුවට කර්මාන්තයේ ප්‍රධාන සමාගම් කිහිපයක අනුග්‍රාහකත්වය දැක්වූ අතර Dialog Enterprise ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසත් Check Point ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙසත්, Fortinet රන් අනුග්‍රාහකයා ලෙසත්, TikTok මාර්ගගත ආරක්ෂාව සඳහා උපායමාර්ගික සහකරු ලෙසත්, Sentry Labs රිදී අනුග්‍රාහකයා ලෙසත් එක්විය.

The 16th Annual National Conference on Cyber Security 2025 in Sri Lanka was recently held in Colombo. The conference took place on 12th November at Waters Edge, Battaramulla, under the theme “Creating a More Trusted Cyber Security Environment for Sri Lanka.” The event was held under the patronage of the Eng. Eranga Weeraratne, Hon. Deputy Minister of Digital Economy, with the participation of over 400 local and international delegates.

Jointly organized by the Ministry of Digital Economy and the Sri Lanka Computer Emergency Response Team (Sri Lanka CERT), the national conference brought together policy makers, ICT professionals, academics, technology experts, and representatives from the government, private sector, NGOs, and universities.

This year's conference centered around shaping policies, enabling best practices, and strengthening national response capacities. It highlighted Sri Lanka’s strategic direction toward enhancing cyber preparedness, building digital trust, and improving national resilience in the face of rising cyber threats. The event also aimed to strengthen multi-stakeholder collaboration, ensuring all sectors actively contribute to cybersecurity development and capacity building.

Addressing the gathering, Hon. Eranga Weeraratne emphasized the importance of strengthening public trust in digital systems. He noted that modern conflicts are no longer confined to physical battlefields, underscoring the need for strong international cooperation in cybersecurity.

The conference commenced with a welcome address by Mr. Tilak Pathirage, Chairman of the Sri Lanka Computer Emergency Readiness Team and Mr. Waruna Sri Dhanapala, Acting Secretary of the Ministry of Digital Economy, delivered the inaugural address, stressing that cybersecurity forms the backbone of global competitiveness and economic growth.

A special address was presented by Dr. Kanishka Karunasena, Acting CEO of Sri Lanka CERT, on the implementation of Sri Lanka’s National Cyber Security Strategy. The keynote speech was delivered by Mr. Takafumi Kadono, Country Director of the Asian Development Bank, who discussed how global cybersecurity trends are shaping Sri Lanka’s national preparedness.

Parallel sessions and guest lectures covered a wide range of contemporary topics, including national cyber governance, digital infrastructure security, cybersecurity law and data protection frameworks, online safety, operational resilience, global cybersecurity cooperation, and emerging technologies such as AI, cloud security, and quantum security.

This year’s conference was supported by leading industry partners, with Dialog Enterprise as the main sponsor, Check Point as the platinum sponsor, Fortinet as the gold sponsor, TikTok as the strategic online safety partner, and SentryLabs as the silver sponsor.

image 01image 02image 03