මේ සඳහා ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, ගරු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න යන මහත්වරු සහභාගී වූ තර එහිදී ජනතා කේන්ද්‍රීය විසඳුම්, බලශක්ති සහ ඩිජිටල්කරණයේ ප්රවණතා පිළිබඳව අවධානට ලක්විය.
මෙහිදී ශ්‍රී ලංකා බලශක්ති සමුළුව අමතමින්, ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ඩිජිටල්කරණය සහ බලශක්ති පරිවර්තනය සඳහා ජාතික දැක්මක අවශ්‍යතාවය අවධාරණය කළේය. ඩිජිටල් පොදු යටිතල පහසුකම්, ඩිජිටල් සාක්ෂරතාවය සහ ඩිජිටල් පාලනය සහ විද්‍යුත් සේවා යන ප්‍රධාන කුළුණු තුනක් කෙරෙහි අවධානය යොමු කරමින් ගෝලීය වශයෙන් තරඟකාරී ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා රජයේ කැපවීම මෙහිදී ඔහු ඉස්මතු කළේය.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ බලශක්තිය අතර ඇති තීරණාත්මක සම්බන්ධතාවය ඔහු අවධාරණය කළ අතර, ඩිජිටල් දියුණුවට සහාය වීම සඳහා නවීකරණය කරන ලද, තිරසාර බලශක්ති පද්ධතිවල අවශ්‍යතාවය පිළිබ්ඳව ද අවධාරණය කළේය. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අතර සහයෝගීතාවයේ අරමුණ වන්නේ ස්මාර්ට් ජාල, පුනර්ජනනීය බලශක්තිය සහ බලශක්ති ගබඩා විසඳුම් ජාතියේ ඩිජිටල් අනාගතයට ඒකාබද්ධ කිරීමයි. රට පුරා බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවය පුළුල් කිරීමේදී CEB හි යටිතල පහසුකම්වල කාර්යභාරය ද පිළිබඳවද මෙහිදී පෙන්වා දෙනු ලැබීය.
2030 සඳහා වන රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්මට දීප ව්‍යාප්ත බ්‍රෝඩ්බෑන්ඩ් ව්‍යාපෘතිය, ස්මාර්ට් මහජන සේවා සහ ඩිජිටල් බලශක්ති තාක්ෂණයන්හි පෞද්ගලික අංශයේ ආයෝජන ආකර්ෂණය කරනු ලබන ප්‍රතිපත්ති ද ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ ඩිජිටල් සහ බලශක්ති පරිවර්තනය කර්මාන්ත 4.0 සමඟ සමපාත වන අතර, නවෝත්පාදනය, තිරසාරභාවය යන අරමුණු වෙත ළඟාවීම අපේක්ෂාවයි.
තවද මෙහිදී නවෝත්පාදන සහ ඩිජිටල් ව්‍යවසායකත්වය මෙහෙයවීම සඳහා රජය, ව්‍යාපාර සහ විෂය ප්‍රවීණයන් අතර සහයෝගීතාවය දිරිමත් කරමින්, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයේ වැදගත්කම නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. සියලුම පුරවැසියන් සඳහා සමෘද්ධිමත් ජීවිතයක් සහතික කරමින්, ඩිජිටල් සහ බලශක්ති පරිවර්තනයේ කලාපීය ප්රමුඛයෙකු ලෙස ශ්‍රී ලංකාව ඔසවා තැබීමේ කාර්යය සාමූහික උත්සාහයක් වන අතර එයට සහාය වීම සඳහා සියල්ලන්ටම විවෘත ආරාධනයක් ද ඔහු සිදු කළේය.
Sri Lanka Energy Transition Summit 2025 kicks off today, bringing together visionaries and leaders to drive the journey towards Net Zero and Digital Innovation for a sustainable tomorrow!
Hon. Prime Minister Harini Amarasooriya, Hon Minister of Energy, Kumara Jayakody and Hon. Deputy Minister of Digital Economy Eranga Weeraratne join this landmark event, emphasizing the power of people-centric solutions, clean energy, and cutting-edge digitalization.
Eranga Weeraratne, Deputy Minister of Digital Economy, addressed the Sri Lanka Energy Summit, emphasizing the nation’s vision for digitalization and energy transformation. He highlighted the government's commitment to building a globally competitive digital economy by focusing on three key pillars: Digital Public Infrastructure, Digital Literacy and Inclusion, and Digital Governance and E-Services.
He underscored the critical link between ICT and energy, stressing the need for modernized, sustainable energy systems to support digital advancements. Collaboration between the Ministry of Power and Energy and the Ministry of Digital Economy aims to integrate smart grids, renewable energy, and energy storage solutions into the nation’s digital future. He also recognized the role of CEB’s infrastructure in expanding broadband connectivity across the country.
The government’s Digital Economy Master Plan sets key targets for 2030, including nationwide broadband penetration, smart public services, and policies that attract private sector investment in digital energy technologies. Sri Lanka's digital and energy transformation aligns with Industry 4.0, ensuring innovation, sustainability, and inclusivity.
The Minister emphasized the importance of public-private partnerships, encouraging collaboration between government, businesses, and academia to drive innovation and digital entrepreneurship. He concluded by urging collective efforts to position Sri Lanka as a regional leader in digital and energy transformation, ensuring prosperity for all citizens.





