ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, හැටන් නැෂනල් බැංකුව පීඑල්සී (HNB), ටෙක්සා (පුද්ගලික) සමාගම සහ ශ්‍රී ලංකා ෆින් ටෙක් සංසදය සමඟ සහයෝගීත්වයෙන්, සැප්තැම්බර් 24-25 දිනවල BMICH හිදී පැවැත්වීමට නියමිත 2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සම්බන්ධයෙන් නිල වශයෙන් නිවේදනය කිරීම, අද (25) දින ICTA ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවැති මාධ්‍ය හමුවේ දී සිදුවිණ.
මේ සඳහා ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ ලේකම් වරුණ ධනපාල, හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත; ශ්‍රී ලංකා ෆින්ටෙක් සංසදයේ සභාපති චන්න ද සිල්වා; සහ ටෙක්සා (පුද්) සමාගමේ නිර්මාතෘ, අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කුමුදු මේගසූරිය යන මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.
“ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය බලගැන්වීම: මූල්‍ය ඇතුළත් කිරීම සහ වර්ධනය මෙහෙයවන නවෝත්පාදන” යන තේමාව යටතේ, ගෝලීය නායකයින්, නියාමන නිලධාරීන්, නවෝත්පාදකයින් සහ ආයෝජකයින් ඇතුළු රටවල් 25 කට අධික ප්‍රමාණයකින් 2,000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්වීමට නියමිතය.
2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15 ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ දැක්මට සමගාමීව block chain, AI, මූල්‍ය ඇතුළත් කිරීම, නියාමන නවෝත්පාදන සහ ආරම්භක පරිසර පද්ධතිවල ඉදිරි ප්‍රවණතා යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.
වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක විදේශ සෘජු ආයෝජන (FDI) මෙන්ම දේශීය මූල්‍ය තාක්ෂණික ව්‍යාපාර 200+ ක් නිර්මාණය කිරීම සහ ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණික බලාගාරයක් බවට පරිවර්තනය කිරීම යන ඉලක්කයක වෙත ළඟාවීම සඳහා මෙම සමුළුව ප්‍රධාන සන්ධිස්ථානයක් වනු ඇත. 🔗 සම්පූර්ණ විස්තර සහ ලියාපදිංචිය සඳහා: www.srilankafintechsummit.com
Sri Lanka FinTech Summit 2025 Announced at Press Conference Today
At a press conference held today in Colombo, the Ministry of Digital Economy, together with key partners TECXA Pvt Ltd, Hatton National Bank PLC, and Fintech Forum Sri Lanka, officially announced the Sri Lanka FinTech Summit 2025, set to take place on September 24th and 25th at BMICH.
The event was attended by the Hon. Deputy Minister of Digital Economy, Eranga Weeraratne; Secretary to the Ministry of Digital Economy, Waruna Dhanapala; Managing Director/CEO of Hatton National Bank, Damith Pallewatte; The chairman of Fintech Forum, Sri Lanka, Channa de Silva; and Founder, Director and CEO of TEXA (Pvt) Ltd, Dr. Kumudu Megasuriya.
Under the theme “Empowering Sri Lanka’s Digital Economy: Innovations Driving Financial Inclusion and Growth,” the Summit is poised to be a premier gathering of over 2,000 participants from 25+ countries, including global thought leaders, regulators, innovators, and investors.
Designed as a high-impact national platform, the event will explore breakthrough trends in blockchain, AI, financial inclusion, regulatory innovation, and startup ecosystems, all aligned with the vision of building a USD 15 billion digital economy by 2030. 🔗 For full details and registration: www.srilankafintechsummit.com





