Skip to main content

The 9th PickMe Nena Pahana Driver Welfare Programme

ICT Division

තාක්ෂණයට මිනිසුන් බලගැන්විය හැකි ආකාරය සහ සැබෑ සමාජ බලපෑමක් ඇති කළ හැකි ආකාරයට පෙන්වා දෙමින් පසුගිය දා වෝටර්ස් එජ් හිදී 9 වන PickMe නැණ පහන රියදුරු සුභසාධන වැඩසටහන පැවැත්විණ.

ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙන යාමේදී රියදුරන් ඉටු කරන ගෞරවනීය කාර්යභාරය සම්බන්ධයෙන් අගයමින්, PickMe වැනි වේදිකා සමඟ ඔවුන්ගේ දෛනික ජීවිතය සමඟ බද්ධවී ඇති ආකාරය, මාර්ගගත ප්‍රවේශය , QR ගෙවීම් සහ ඩිජිටල් ගෙවුම් හරහා, ශක්තිමත් සහ සියලු දෙනා ඇතුලත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම සෘජුවම දායක වන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී ඔහු අදහස් දැක්වීය.

ඩිජිටල් ආර්ථිකය වෙනුවෙන් වන රජයේ දැක්ම සෑම ශ්‍රී ලාංකිකයෙකුටම තාක්ෂණය ඔස්සේ සහභාගී වීමට, සමෘද්ධිමත් වීමේ අවස්ථාවා වෙත කේන්ද්‍රගත වී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සහයෝගීතාවයෙන් ඩිජිටල් ඇතුළත් කිරීම පුළුල් කිරීමට, මූල්‍ය විශ්වාසය ශක්තිමත් කිරීමට සහ රට පුරා පුරවැසියන් සඳහා නව අවස්ථා විවෘත කිරීමට නැණ පහන වැනි වැඩසටහන් මගින් ලබා දෙන දායකත්වය සම්බන්ධයෙන් ද අවධාරණය කළේය.

GovPay වැනි ආරක්ෂිත ඩිජිටල් ගෙවීම් පද්ධති ප්‍රවර්ධනය කිරීම සහ සේවකයින්ගේ සිට ව්‍යවසායකයින් දක්වා සියලුම ප්‍රජාවන්ට තාක්‍ෂණය ප්‍රතිලාභ ලබා දෙන බව සහතික කිරීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය PickMe වැනි නව්‍ය වේදිකා සමඟ සාමූහික ප්‍රයත්නයක නිරතව සිටියි.

The 9th PickMe Nena Pahana Driver Welfare Programme held at Water’s Edge highlighted how technology can empower people and create real social impact.

Eng. Eranga Weeraratne, Hon. Deputy Minister of Digital Economy, attended the event as Chief Guest and recognized the important role that drivers play in advancing Sri Lanka’s digital transformation. Their daily engagement with platforms like PickMe, through online bookings, QR payments, and digital wallets, contributes directly to building a stronger and more inclusive digital economy.

The Deputy Minister noted that the government’s vision for the Digital Economy is centered on enabling every Sri Lankan to participate, prosper, and progress through technology. Programs like Nena Pahana demonstrate how collaboration between the public and private sectors can expand digital inclusion, strengthen financial trust, and open new opportunities for citizens across the country.

The Ministry of Digital Economy continues to partner with innovative platforms such as PickMe to promote secure digital payment systems like GovPay, and to ensure that technology benefits all communities, from gig workers to entrepreneurs.

image 01image 02image 03image 04image 05image 06