Skip to main content

Strengthening Digital Innovation in Railway Services.

ICT Division

The most significant of these were held at the Ministry of Digital Economy with Hon. Deputy Minister Eranga Weeraratne, ministry advisors, and the dedicated volunteer creators of the RDMNS mobile application a platform that has been providing real-time railway updates for nearly a decade.

The meeting was on integrating RDMNS with the Railway Department so that passengers experience a more efficient, transparent, and fully digitized railway service. Officials were eager to emphasize that digital technology has to be utilized to enhance the overall passenger experience, make rail transport efficient, and drive tourism through advanced transport services.

In addition, novel digital plans for railway operation were deliberated, like enhanced real-time tracking, scheduling based on artificial intelligence, and mobile tickets. Sri Lanka is taking a huge leap in the direction of a smart, technology-powered railway system for the citizens and the economy.

දශකයකට ආසන්න කාලයක් තුළ දුම්රිය සේවාව පිළිබඳව තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා ස්වෙච්ඡා තරුණ කණ්ඩායමක් විසින් අතිසාර්ථකව මෙහෙයවනු ලබන RDMNS ජංගම දුරකථන යෙදවුම සම්බන්ධයෙන් හමුවක් ඩිජිටල් අමාත්‍යංශ‍යේදී පසුගිය දා පැවත්විණ.

ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, අමාත්‍යංශ උපදේශකවරුන් සහ RDMNS ජංගම දුරකථන යෙදවුමේ නිර්මාණකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම හමුවේදී ඩිජිටල්කරණයේ ප්‍රතිලාභ සෑම පුරවැසියෙකු වෙතම ගලායාම සහතික කරමින්, දුම්රිය සේවාව සඳහා RDMNS ජංගම දුරකථන යෙදවුම ඔස්සේ දුම්රිය මගීන් වෙත ලබාදෙන සේවාවන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ නිල සහාය ඇතිව විධිමත්ව සිදු කිරීම සඳහා තොරතුරු හුවමාරු කරගැනීම, දුම්රිය සේවාව කාර්‍යක්ෂම කිරීම සඳහා පූර්ණ ඩිජිටල්කරණයට ලක්කිරීම, සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීම වෙනුවෙන් දුම්රිය සේවාව ප්‍රචලිත කිරීම යන කරුණු සම්බන්ධයෙන් අවධානයට ලක්විය.

එසේම RDMNS ජංගම දුරකථන යෙදවුම ඔස්සේ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන දුම්රිය සේවා ඩිජිටල්කරනය කිරීමේ නව අදහස් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

image 01image 02image 03image 04image 05image 06