Skip to main content

2 posts tagged with "cybersecurity"

View All Tags

· 7 min read
MoT Editor

info

• ඩිජිටල්කරණය වේගවත් කිරීමට කමිටුවක්

• ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන් ප්‍රමුඛ රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන් ප්‍රමුඛ රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කරමින්, ඩිජිටල්කරණය වේගවත් කිරීම රජයට පැවරී ඇති වගකීමක් බවත්, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (30) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති “ DIGIECON 2030” එළි දැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි. තාක්ෂණ අමාත්‍යාංශය විසින් වැඩසටහන සංවිධානය කර තිබිණි. තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා විසින් පිළිගැනීමේ කතාව සිදු කරනු ලැබූ අතර ඉන් අනතුරුව “ තිරසාර සහ ඔරොත්තු දෙන ශ්‍රී ලංකාවක් කරා ඩිජිටල් ආර්ථිකය උත්තේජනය කිරීම” (Leveraging digital economy toward a sustainable & resilient Sri lanka) යන මැයෙන් ලෝක බැංකුවේ දකුණු ආසියාවේ ඩිජිටල් සංවර්ධනය පිළිබඳ කලාපිය පර්ෂදයේ ප්‍රධානි සිද්ධාර්ථ රාජා මහතා අදහස් දැක්වීය. DIGIECON SRI Lanka 2023- 2030 වෙබ් අඩවිය දියත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළ අතර ඩිජිටල්කරණය සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තියට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගම් සිය සහය පළ කිරීමද මෙහිදී සිදු විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව එළිදැක්වූ “ DIGIECON 2030”, ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයකි. තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට සහ ගෝලීය වෙළෙඳපොළ තුළ රටේ තරඟකාරිත්වය වැඩිදියුණු කිරීමට ඩිජිටල් තාක්ෂණයන් සහ නවෝත්පාදන විසඳුම් වැළඳ ගැනීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බැවින් තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහාය ඇතිව ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කර ක්‍රියාත්මක කරනු ඇත. DIGIECON 2030” මගින් අලුතින් විවිධ ක්ෂේත්‍රවල ආරම්භ වූ නව්‍ය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 50 දෙනෙකුට හෝ ඊට වැඩි පිරිසකට ගෝලීය ආයෝජන සහ වෙළඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා වේදිකාවක් සකසනු ලැබේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ විශ්වවිද්‍යාල හා අනෙකුත් පර්යේෂණ ආයතන ඒකාබද්ධ කර ඩිජිටල් ප්‍රතිපත්තිය සැලසුම් කිරීම ආරම්භ කිරීම සඳහා මේ වසරේ රුපියල් මිලියන 100ක් වෙන් කරන බවයි. එසේම කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු කරමින් පර්යේෂණ සිදු කිරීමට ලබන වසරේදී රුපියල් බිලියනයක් වෙන් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ අපට සංවර්ධන විභවයක් ලබා දෙනවා. එය අප ග්‍රහණය කර ගත යුතුයි. ඒ වගේම සියවසේ මැද භාගයට ගැළපෙන, ඉහළ තරගකාරී සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් අප දැන් සැලසුම් කළ යුතුයි. ඉහළ තරගකාරීත්වය කියන්නේ සෑම අංශයකම තරගකාරීත්වය නොවෙයි. අපට එසේ කළ නොහැකියි. නමුත් අපට තරගකාරී විය හැකි ක්ෂේත්‍ර තිබෙනවා. උදාහරණයක් ලෙස, කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස සහ කෘෂිකර්මාන්තයේ සමහර අංශ පෙන්වා දෙන්න පුළුවන්. එම ක්ෂේත්‍ර අප හඳුනා ගත යුතුයි. දෙවනුව එම අධික තරගකාරී ආර්ථිකය හරිත ආර්ථිකයක් ද විය යුතුයි. මොකද හරිත ආර්ථිකයක් ලෙස ගොඩ නැඟීමට ශ්‍රී ලංකාවට විශාල විභවයක් තිබෙනවා. තෙවනුව, අධික තරගකාරී ආර්ථිකය, හරිත ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් විය යුතුයි. මේ මාර්ගය තමයි අපට ගැලපෙන්නේ. මේ ක්ෂේත්‍ර දෙකම එකට එකතු විය යුතු අතර පසුව එය ඉතා තරඟකාරී ආර්ථිකයක් විය යුතුයි. මේ අංශ කෙරෙහි තමයි අප සංවර්ධනය කරා යන විට අවධානය යොමු කළ යුතු වන්නේ. ඩිජිටල් ආර්ථිකයට යොමු වීම වෙනුවෙන් මෙතෙක් සිදු කර නොමැති අපගේ ඩිජිටල් ප්‍රතිපත්තිය සකස් කිරීමට සිදු වෙනවා. මේ පිළිබඳ බොහො අදහස් යෝජනා තිබුණත් එය සිදු කළ යුතුවන්නේ මෙම කර්මාන්තයට සමගාමීවයි. රජයේ වියදම් මගින් ඩිජිටල් ආර්ථිකය මෙහෙයවිය නොහැකියි. ඩිජිටල් ආර්ථිකය මෙහෙයවිය යුත්තේ පෞද්ගලික අංශය විසිනුයි. රජයට කළ හැක්කේ ප්‍රවර්ධනය කිරීම මිස බාධා කිරීම නොවේ. අපගේ ප්‍රතිපත්තිය එයයි. අපගේ ඩිජිටල් ප්‍රතිපත්තිය වන්නේ කෘත්‍රිම බුද්ධිය (AI) අඩංගු වන ඩිජිටල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමයි. මෙය සිදු කිරීම සඳහා, පළමුව, අපි මිනිස් බලය ගොඩනගා ගත යුතුයි. රජය ඒ සඳහා මුදල් ආයෝජනය කරන විට එම මිනිස් බලය වර්ධනය වනු ඇත. පෞද්ගලික අංශය සිදු කළ යුත්තේ මෙයයි. මොකද මේ දක්වාත්, තව දුරටත් මේ ක‍්ෂේත්‍රය සඳහා අප අඛණ්ඩව අරමුදල් සපයනු ලබනවා. සමස්ත ඩිජිටල් කර්මාන්තය සළකා බැලුවහොත්, එහි දැවැන්තයන් ‍ දෙදෙනා වන්නේ එක්සත් ජනපදය සහ චීනයයි. ඇමරිකා එක්සත් ජනපදයේ වගේම චීනයේද මෙම ක්ෂේත්‍ර මෙහෙයවනු ලබන්නේ වෙළඳපොළ විසිනුයි. චීනයේ සමස්ත සංවර්ධනයම සිදුවූයේ වෙළෙඳපොළ හරහා බැවින් ඩිජිටල් ප්‍රතිපත්තිය රජය වටා කේන්ද්‍රගත විය යුතුයි කියා අප නොසිතිය යුතුයි. නමුත් රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කරමින් ඩිජිටල්කරණය වේගවත් කිරීම රජයේ වගකීමක් වෙනවා. රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කඩිනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කිරීමට අපි සැලසුම් කර තිබෙවා. එම පියවර ඔබට ඩිජිටල් ප්‍රතිපත්තිය සැකසීමට සහ එය වේගවත් කිරීමට උපකාරී වනු ඇති බව අපේ විශ්වාසයයි. මේ සඳහා අපට වැඩි කාලයක් වැය කිරීමට හැකියාවක් නැහැ. ඒ වගේම මෙම කටයුත්තේදී අප අපගේ ආසන්න රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. මෙම ක්ෂේත්‍රයේ සීග්‍රයෙන් දියුණු වුණ ඉන්දියාව සමඟ විශේෂයෙන් දකුණු ඉන්දියාව සමඟ ආර්ථික හා තාක්‍ෂණික සහයෝගීතාවක් ඇතිව කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ තමයි ශ්‍රී ලංකා ඩිජිටල් ප්‍රතිපත්තියේ පසුබිම.

මෙම ක්ෂේත්‍රයට අවශ්‍ය යටිතල පහසුකම් පෞද්ගලික අංශයෙන් ලබා දිය යුතුයි. ආණ්ඩුවට එසේ කිරීමට හැකියාවක් නැහැ. පුද්ගලික අංශය මගින් යටිතල පහසුකම් සැපයීම සිදු කරන විට රජය මඟින් එය ප්‍රවර්ධනය කරනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට රජය පෙළඹී ඇති එක් හේතුවක් ලෙසත් මෙය හඳුන්වා දිය හැකියි. අපට මේ සඳහා යෙදවීමට මුදල් නැහැ. මේ සම්බන්ධයෙන් අපට අවශ්‍ය විදේශ ආයෝජන ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ඊට සම්බන්ධ අනෙකුත් ආයතන හරහා ලැබෙන්න ඉඩ හරින්න. මේ ආකාරයට ඩිජිටල්කරණය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියකට අප අඩිතාලම දමමින් සිටිනවා. එය නව ආර්ථිකයේ ප්‍රධාන අංශයක් වනු ඇත. මේ සම්බන්ධයෙන් අප කළ යුතු දේ අපට පැවසීම ඔබගේ යුතුකමක්. ඔබ සැම මේ සම්බන්ධයෙන් රජය සමඟ කටයුතු කළ යුතුයි. එසේත් නැත්නම් රජය ඔබ සැම සමඟ කටයුතු කළ යුතුයි. සියලු නව තාක්ෂණයන් ශ්‍රී ලංකාව තුළ අත්හදා බලන නිසා මෙම ප්‍රතිපත්තිය සැකසීම රඳා පවතින්නේ තොරතුරු තාක්ෂණ අංශයේ තීරණ මතයි. තාක්ෂණය සඳහා කර්මාන්ත පදනම් කරගත් නව ආර්ථිකයක් ගොඩනැගීමට අපට අවශ්‍යයි. කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, නිෂ්පාදන සේවා ආදී අංශ, තව වසර 20 කින් ඔබ අප අද දකින තත්ත්වයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විව හැකියි. මෙම ක්ෂේත්‍රයන්, ඉන්දියාව දියුණු වන විට දකුණු ආසියාවට පැමිණෙනු ඇතියි. අප කරන්න හිතාගෙන ඉන්න දේ මම කියා තිබෙනවා. අපට දැන් කැබිනට් කමිටුවක් තිබෙනවා. දැන් අප අවධානය යොමු කළ යුතු වන්නේ අපට සංවර්ධනය කිරීමට පහසු ක්ෂේත්‍ර පිළිබඳවයි. කෘතිම බුද්ධිය (AI) එවන් අංශයක්. කෘතිම බුද්ධිය යනු කුමක්ද? එය මනසට සම්බන්ධ වන්නේ කෙසේද? මේක දැන් මෙතන ඉන්න අප බහුතරයට බෞද්ධයන් ලෙස හුරුපුරුදු මාතෘකාවක්. අප දන්නවා ධම්මපදයට අනුව හැම දේම තීරණය කරන්නේ මනස බව. එසේනම් මනස සහ කෘතිම බුද්ධිය අතර ඇති සම්බන්ධය කුමක්ද? මම හිතන්නේ එය අප අධ්‍යනය කළ යුතු එක ක්ෂේත්‍රයක්. දෙවැන්න වන්නේ පර්යේෂණයි. ලංකාවේ පර්යේෂණ කිරීම් අඩුයි. මම කිසිම ආකාරයකින් නව පර්යේෂණ ආයතන ආරම්භ කිරීමට අදහස් කරන්නේ නැහැ. රජයට අවශ්‍ය වන්නේ විශ්වවිද්‍යාල සහ පෞද්ගලික අංශය සම්බන්ධ කිරීමයි. අප අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලවලට අවශ්‍ය යටිතල පහසුකම් සඳහා උදව් කරනවා. නමුත් පෞද්ගලික අංශය තමයි පර්යේෂණ මෙහෙයවිය යුත්තේ. පුද්ගලික අංශයට ඒ සඳහා මුදල් ආයෝජනය කිරීමට සිදු වෙනවා. ඔවුන්ට එයින් කොටසක් අහිමි විය හැකියි. නමුත් ඉතිරි ප්‍රතිලාභ ඔවුන්ට ලබා ගත හැක්කේ පර්යේෂණ මඟින් පුද්ගලික අංශය මෙම කර්මාන්තය මෙහෙයවන බව සහතික වන නිසයි. මේ සඳහා විශ්වවිද්‍යාල සහ උපකාර කළ හැකි වෙනත් ආයතන තිබේ නම්, නිසැකවම ඒ සියල්ල ඒකාබද්ධ කෙරෙනවා. මෙම ප්‍රතිපත්තිය සැලසුම් කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යවරයා ඔබ සැමට කතා කර නැවත කැබිනට් කමිටුවට වාර්තා කරනු ඇත. මේ වසරේ ආරම්භයක් ලෙස මම රුපියල් මිලියන 100ක් ඒ සඳහා වෙන් කරනවා. ලබන වසරේ, අපට පර්යේෂණ අවශ්‍යයි. ඔබ කෘතිම බුද්ධිය කෙරෙහි ප්‍රධාන අවධානය යොමු කරමින් පර්යේෂණ සිදු කළ යුතුයි. ඒ සඳහා මේ වසරේ ඔබගේ කාර්ය සාධනය මත පදනම්ව ලබන වසර සඳහා මම රුපියල් බිලියනයක් වෙන් කරනවා.ඉන්පසු 2025ට කරන්න පුලුවන් මොනවද කියා අපි තීරණය කරමු.

මම, අගමැතිතුමා සහ මැති ඇමැතිවරු සමඟ මේ ආණ්ඩුව සමස්තයක් ලෙස රට නවීකරණය කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටිනවා. රජයත් පෞද්ගලික අංශයත් එක්ව ඩිජිටල්කරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කලාපයේ ප්‍රමුඛතම රාජ්‍යයක් බවට පත් කරමු. මෙහිදී අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අද දිනයේ දී දියත් කරන “ DIGIECON 2030” තුළින් ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරනවා . උසස් තාක්‍ෂණයේ සහාය ඇතිව තිරසාර වෙළඳාම් කළ හැකි භාණ්ඩ හා සේවා හරහා ආර්ථිකය වේගවත් කිරීම අපගේ අරමුණයි. “ DIGIECON 2030” හරහා, සියලුම පාර්ශ්වකරුවන්ට ඩිජිටල් පරිසර පද්ධතියකට පහසුකම් සැලසීම සඳහා රජයේ පූර්ණ වශයෙන් කැපවන බවත් ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම් සිදු කරන බවත් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එමඟින් ආයෝජන සඳහා හිතකර ව්‍යාපාරික පරිසරයක් ගොඩ නැඟීමට පියවර ගනු ලබනවා. අති නවීන තාක්‍ෂණය භාවිතා කරමින් ඩිජිටල් පරිවර්තනයකට තුඩු දෙන සහ මානව කේන්ද්‍රීය තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් හවුල්කාරිත්වයන් ගවේෂණය කරන ව්‍යාපෘති මාලාවක් වෙනුවෙන් රජය පෙරමුණ ගෙන කටුයුතු කරන බව කියන්න කැමතියි. කැබිනට් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේම්ජයන්ත්, අලි සබ්‍රි, කංචන විජේසේකර , රමේෂ් පතිරණ, නසීර් අහමඩ්, මනූෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුරේන් රාඝවන්, අරවින්ද් කුමාර් ඇතුලු මැති ඇමතිවරුන්ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය නෙරංජන් ගුණවර්ධන යන මහත්වරුන්ද, විදෙස් තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් සහ ලෝක බැංකු නියෝජිතයින්, විදෙස් නියෝජිතයින් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

ජනාධිපති මාධ්‍ය අංශය 2023-03-31

· 3 min read
MoT Editor

info

• Cyber ​​Security Act to be presented to the parliament this year.

• World Bank Expert Support to Sri Lanka's Future Cyber ​​Security Strategic Plan.

-- State Minister for Technology Mr. Kanaka Herath

As Proposed in the Information and Cyber Security Strategy of Sri Lanka (2019: 2023), the Cyber Security Bill will be submitted to the parliament this year, stated the State Minister for Technology Mr. Kanaka Herath. He further pointed out that this Act leads to the establishment of the Cyber Security Regulatory Authority, Protect Critical National Information Infrastructure, and helps to mitigate the risk of maliciously misusing the digital systems from various cyber threats.

Mr. Kanaka Herath expressed these views whilst attending a workshop in Colombo which was jointly organized by the Sri Lanka Computer Emergency Response Team (Sri Lanka CERT) and the World Bank in Colombo on Sri Lanka's next cyber security strategy.

A hundred invitees representing the IT sector including officials attached to ministries, departments, and other government organizations have been invited for the workshop which was held at the Kingsbury Hotel in Colombo on the 23rd of February 2023. The State Minister for Technology Mr. Kanaka Herath further explained that along with the development of the IT sector in the country, the government has paid special attention on the aspects related to cyber security. Mr. Kanaka Herath, appreciating the technical and expert advisory support extended by the World Bank for Sri Lanka's next cyber security strategy, also stated that this effort is extremely important at a time when Sri Lanka is embarking on its digital transformation.

“The government has already taken steps to protect citizens’ privacy from the adverse effects that may arise from digitization. Accordingly, the Data Protection Act which regulates the processing of personal data was approved in the Parliament last year. Under that it is planned to establish the Data Protection Authority by March 2023. The government has identified cyber security as an essential element in digitization and it is necessary for the national security, national economy, and the security of various sectors of the country.”

Also, Mr. Herath stated that from 2024 March onwards, all payments and charges of government organizations are planned to be implemented only via digital electronic payment facilities, whilst adding on that necessary steps have been already taken to drive the country towards a digital transformation.

Ms. Chiyo Kanda, the World Bank Country Manager for Sri Lanka, pointed out that the World Bank has been continuously working for the development of Sri Lanka for nearly 70 years and will continue to provide the same support in future as well. Mrs. Chio Kandha, stressed the fact that in the current context there is a growing trend of cyber-attacks, particularly from 2021 to 2022, cyber-attacks have increased by 38% globally. She further added that necessary remedial actions should be taken to control this situation.

The World Bank's Senior Digital Development Specialist Ms. Junko Narimatsu, the Secretary to the Ministry of Technology, Professor Neranjan Gunawardena, the Chairman of Sri Lanka Computer Emergency Response Team (Sri Lanka CERT), Mr. Rohan Muttiah, Acting Chief Executive Officer of Sri Lanka CERT Dr. Kanishka Karunasena and some other public sector officials graced the occasion by their presence.