Skip to main content

රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ඨතා මධ්‍යස්ථානය (CERA)

2016-08-09 දින පැවති කැබිනට් රැස්වීමේදී රොබෝ විද්‍යාව යෙදුම්වල විශිෂ්ඨතා මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා අනුමැතිය ලබා දී ඇත. එම මධ්‍යස්ථානය පිහිටුවීමත් සමඟ එය රජයේ සහ කාර්මික පාරිභෝගිකයින් සඳහා රොබෝ පද්ධති සහ වාහන සම්බන්ධයෙන් පර්යේෂණ සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ පැවැත්වීම සඳහා තාක්ෂණ හුවමාරු නියෝජිතායතනයක් ලෙස ක්‍රියා කිරීමට අපේක්ෂා කරන ලදී. මෙම මධ්‍යස්ථානයේ අයදුම්පත් හරහා දේශීය කර්මාන්ත රැසකට අවශ්‍ය සේවා සැපයීමටත් ආයතනයේ පැවැත්මට අවශ්‍ය අරමුදල් රැස්කර ගැනීමටත් හැකියාව ලැබේ. ඒ අනුව 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සීමිත සමාගමක් ලෙස රොබෝ විද්‍යාව යෙදුම්වල විශිෂ්ටතා මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට සහ එහි කටයුතු පවත්වාගෙන යාමට කර්මාන්ත අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.