Skip to main content

MoT Editor

දිට්වා සුළි කුණාටුවෙන් පසු බලපෑමට ලක් වූ ප්‍රදේශවල සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළට සහාය වීම සඳහා ඩයලොග් සමාගම විසින් රුපියල් මිලියන 420 ක මුදලක් පරිත්‍යාග කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට ඊයේ (05) අත්සන් තැබිණ.

හලාවත දිස්ත්‍රික් මහ රෝහල, කොත්මලේ ප්‍රාදේශීය රෝහල, මඩුල්කැලේ ප්‍රාදේශීය රෝහල සහ පුත්තලම මූලික රෝහලේ පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සහ සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ පාසල් 20 කට වැඩි ගණනක පරිගණක විද්‍යාගාර ප්‍රතිසංස්කරණය කිරීම මෙමගින් සිදුකිරීමට නියමිතය.

ගරු, අග්‍රාමාත්‍ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා ගරු, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ අමාත්‍යංශ ලේකම්වරුන්, රාජ්‍ය නිළධාරීන් ඇතුළු ඩයලොග් ආයතනය නියෝජනය කරමින් පිරිසක් සහභාගී වූහ.

image 01image 02image 05image 04image 06

MoT Editor

ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ කසකස්තාන් සමූහාණ්ඩුවේ තානාපති සර්ජි වික්ටෝරොව් (Sergey Viktorov) මහතා අතර සාකච්ඡාවක් අද (05) දින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම හමුවේදී කසකස්තානයේ කෘතිම බුද්ධි (AI) දත්ත මධ්‍යස්ථානවල ප්‍රගතිය, මෙරට ජාතික කෘතිම බුද්ධි මුලපිරීම් සහ GovTech ආකෘති හරහා රජයේ මෘදුකාංග විසඳුම් ලබා දීම පිළිබඳව අවධානය යොමු විය. එමෙන්ම කසකස්තානයේ තාක්ෂණික පද්ධතියට ශක්තියක් වන තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් අධ්‍යාපන රාමු පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණි.

තොරතුරු හුවමාරුව, ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය, ධාරිතා වර්ධනය සහ දෙරටේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ තාක්ෂණික ආයතන අතර හවුල්කාරිත්වයන් ඇතුළු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ හැකියාවන්, ද්විපාර්ශ්වික සහයෝගීතා අවස්ථා පිළිබඳව ද මෙම සංවාදයේදී අවධාරණය කෙරිණි. නවෝත්පාදනය, ඩිජිටල් පරිවර්තනය සහ ඩිජිටල් ආර්ථිකය තුළ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වර්ධනයක් ඇති කිරීම සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වන දෙපාර්ශවයේ උත්සාහයන් සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරිණ.

image 01image 02image 03

MoT Editor

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G තරංග මාලා (5G spectrum) බලපත්‍ර නිල වශයෙන් පිරිනැමීමේ උත්සවය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් පවත්වන ලදී.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික දැක්ම සැබෑ කර ගැනීම සඳහා 5G තාක්ෂණය හඳුන්වා දීම අත්‍යවශ්‍ය සාධකයකි. අධික වේගය, අතිශය අඩු ප්‍රමාද කාලය (ultra-low latency) සහ ඉහළ විශ්වසනීයත්වය සහිත මෙම තාක්ෂණය මගින් දැවැන්ත පෙරළියක් අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික දැක්ම සාර්ථක කර ගැනීම සඳහා 5G තාක්ෂණය හඳුන්වා දීම අතිශය තීරණාත්මක සාධකයකි. අධික වේගය, ඉතා අඩු ප්‍රමාද කාලය (ultra-low latency) සහ ඉහළ විශ්වසනීයත්වය සහිත 5G තාක්ෂණය හරහා කර්මාන්ත, සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහන හා සැපයුම් ජාල (logistics), ස්මාර්ට් නගර සහ පොදු සේවාවන් යන ක්ෂේත්‍රවල විශාල පෙරළියක් අපේක්ෂා කෙරේ. එසේම, නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය සඳහා නව අවස්ථා රැසක් මෙයින් උදාවනු ඇත.

ශ්‍රී ලංකාව තුළ බලපත්‍ර සහිත 5G සේවා ක්‍රියාත්මක කිරීමේ ආරම්භය සනිටුහන් කරමින්, ඩයලොග් ආසිආටා (Dialog Axiata PLC) සහ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් (SLT Mobitel) යන සමාගම් වෙත නිල වශයෙන් තරංග මාලා බලපත්‍ර පිරිනමන ලදී. ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාවේ ජංගම ජාල යටිතල පහසුකම් දියුණු කිරීමේ වගකීම මෙහිදී මෙම ආයතන වෙත පැවරිණි.

මෙම අවස්ථාවට ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න,විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති වරුණ ශ්‍රී ධනපාල, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත්, සහ වෙන්දේසි කමිටුවේ සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන් සහභාගී වූහ.

එසේම, ඩයලොග් ආසිආටා සමාගමේ අධ්‍යක්ෂ සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා, මොබිටෙල් (පුද්ගලික) සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා ඇතුළු විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පාර්ශවකරුවන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

image 01image 02image 05image 03image 04image 06

MoT Editor

නිල වශයෙන් 5G සංඛ්‍යාත බලපත්‍ර හිමිවීමත් සමඟ, SLT-MOBITEL ආයතනය මෙරට ඩිජිටල් පරිවර්තනයේ මීළඟ අදියර සනිටුහන් කරමින් 5G සේවාවන් මෙරට ජනතාවට විවෘත කර තිබේ. වඩාත් විශ්වාසදායී මෙන්ම වේගවත්, සන්නිවේදන තාක්ෂණය මගින් නවෝත්පාදනයන් දිරිමත් කිරීම, ඩිජිටල්කරණය ප්‍රවර්ධනය කිරීම සහ රට පුරා නව ආර්ථික අවස්ථා උදා කිරීම අපේක්ෂා කෙරේ.

වන් ගෝල් ෆේස් (One Galle Face) වෙළඳ සංකීර්ණයේදී පැවැත්වූ මෙම සමාරම්භක උත්සවය සඳහා ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) සභාපති වරුණ ශ්‍රී ධනපාල මහතා, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් මහතා, මොබිටෙල් (පුද්ගලික) සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

image 01image 02image 05image 03image 04image 06

MoT Editor

ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) විසින් සංවිධානය කරනු ලැබූ, තොරතුරු තාක්ෂණ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන වෙළඳපොළ සූදානම සහ ජාත්‍යන්තර වෙළඳපොළ ප්‍රවේශ වැඩමුළුව ඊයේ දින (16) ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සියේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

2025 වසරේ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රධාන අංගයක් ලෙස සැලකෙන ඩිජිටල්-කර්මාන්ත ආරම්භ කිරීමේ වැඩපිළිවෙල යටතේ “ ශ්‍රී ලංකාවේ ඩිජිටල් කර්මාන්තය සහ නවෝත්පාදන පරිසර පද්ධතිය (Digi-Industry) වේගවත් කිරීම” සඳහා පැවැත්වෙන මෙම වැඩසටහන් මාලාවේ සිව්වන සැසිය වන IT SME සැසිය අද දින කොළඹ දී පැවැත් විණ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ මෙම වෙළඳපල සූදානම සහ ජාත්‍යන්තර වෙළඳපල ප්‍රවේශ වැඩමුළුවෙහි පළමු අදියරයන් මහනුවර, ගම්පහ සහ කුරුණෑගල යන ප්‍රදේශවල සාර්ථක පැවැත්වීමෙන් අනතුරුව, ගෝලීය වශයෙන් තරඟ කිරීමට උපකාරී වන පරිදි අපගේ අපනයන ක්ෂේත්‍රය සූදානම් කිරීම, වෙළඳපොළ තුළ ස්ථාවර වීමට අවශ්‍ය උපාය මාර්ග සහ තීරණාත්මක IP සහ නීතිමය අවබෝධයන් සමඟ දේශීය නිෂ්පාදන සමාගම් බලගැන්වීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමිනි මෙවර වැඩමුළුව සහ සැසිය පැවැත්විණ.

මෙම අවස්ථාවට ගරු කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, චතුරංග අබේසිංහ; ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය යන මහත්වරුන් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ (වැඩබලන) ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ICTA අධ්‍යක්ෂ චන්දිම කුරේ මහතා ඇතුළු කර්මාන්ත සම්බන්ධතා මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

මෙම වැඩමුළුව සහ සැසිය මඟින් ශ්‍රී ලංකාව සඳහා ශක්තිමත්, වඩාත් තරඟකාරී ඩිජිටල් නවෝත්පාදන පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ අපේක්ෂාවයි.

image 01image 02image 05image 03image 04image 06

MoT Editor

ආපදා අවදානම් කළමනාකරණ වෘත්තිකයන්ගේ සංගමය (ADRMP) විසින් මෙහෙයවනු ලැබූ "ආපදා ඔරොත්තු දීමේ හැකියාව සඳහා GeoAI යොදාගැනීම" සම්බන්ධයෙන් වූ ජාතික මුලපිරීම පසුගිය දා (12) කොළඹ දී දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ වැඩසටහනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, NBRO, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, විදුලි සංදේශ හවුල්කරුවන්, පෞද්ගලික අංශයේ නවෝත්පාදකයින්, ශාස්ත්‍රාලිකයන්, ප්‍රජා පාදක සංවිධාන සහ මාධ්‍ය නියෝජනය කරමින් 80 කට අධික පිරිසක් එක්රැස් වූ අතර, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ජේන් ඒ. හොවෙල් මහත්මිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල සහ කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී GeoAI සහ නවෝත්පාදනය හරහා ආරක්ෂිත සහ වඩාත් ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වන වැඩපිලිවලක් සම්බන්ධයෙන් අවධාරණය කළේය.

image 01image 02image 04image 05image 06

MoT Editor

අපනයන ක්ෂේත්රයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්රී ලාංකික අපනයනකරුවන් අගයමින් ජනාධිපති අපනයන සම්මාන පිරිනමයි. කර්මාන්ත සහ සංවර්ධන අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 27 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ජනාධිපති අපනයන සම්මාන උළෙල අද (11 දා ) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් පැවැත්විනි.

අපනයන ක්ෂේත්රයට සහ ආර්ථික ප්රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්රී ලාංකික අපනයනකරුවන් වෙත පිරිනමනු ලබන උසස්ම සම්මානය වන මෙම ජනාධිපති අපනයන සම්මාන ප්රදානය මගින් බලාපොරොත්තු වන්නේ ශ්රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා අතිමහත් සේවයක් ඉටු කරන ලද අපනයනකරුවන් ඇගයීමයි.

ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජනාධිපති අපනයන සම්මාන ප්රදානය 1981 වර්ෂයේ දී ආරම්භ කරන ලද අතර මේ දක්වා සම්මාන උළෙල 26ක් සංවිධානය කොට තිබෙයි. 2024/2025 වසරවල ශ්රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම සඳහා පැවැත්වෙන මෙවර සම්මාන උළෙලේදී සමස්ත සම්මාන 15ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 92ක් ඇතුළුව සම්මාන 107ක් පිරිනමනු ලැබීය. අයදුම්කරුවන්ගේ කාර්ය සාධනය මෙන්ම ජාතික ආර්ථිකයට අදාළ අංශවල අපනයන දායකත්වය සැලකිල්ලට ගනිමින් විනිසුරු මඩුල්ල විසින් තීරණය කරනු ලබන පරිදි සුදුසුකම් ලත් අංශ සඳහා කුසලතා සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදුකරන ලදී.

ආංශික සම්මාන තෝරා ගැනීමේදී අපනයන ආදායම පමණක් නොව අපනයන වෙළඳපල විවිධාංගීකරණය, රැකියා උත්පාදනය, අපනයන ආදායමෙහි වර්ධනය , අපනයන ආදායම් ආපසු රටතුලට ගෙන්වා ගැනීම, පාරිසරික තිරසාරභාවය සහ ආයතනික සමාජ වගකීම, අගය එකතු කිරීම වැනි නිර්ණායකද සැලකිල්ලට භාජනය විය. මෙවර සම්මාන උළෙලේදී වසරේ හොඳම අපනයනකරු සම්මානය දිනාගනු ලැබුවේ “ඔමෙගා ලයින් සමාගම” විසිනි. මෙහිදී සම්මානලාභින් හට සම්මානයක් හෝ සමරු ඵලකයක් සමඟ සහතිකපත්රයක් පිරිනමන අතර ජනාධිපති අපනයන සම්මාන ලාංඡනය වසර 3 ක කාලයක් සඳහා අලෙවිකරණ මෙවලමක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ඔවුන්ට හිමිවෙයි.

කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සහ කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ පැවති මෙම උළෙලට ගරු, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, (ආචාර්ය) අනිල් ජයන්ත; ගරු, බලශක්ති අමාත්‍ය, කුමාර ජයකොඩි; තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය, සුනිල් කුමාර ගමගේ; ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍රසේකරන්; ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න; විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය, අරුන් හේමචන්ද්‍ර; ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ සහ අමාත්යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ඇතුළු රාජ්ය තාන්ත්රික නිලධාරීන්, රාජ්ය නිලධාරීන්, අපනයනකරුවන් ඇතුළු ආරාධිතයින් 1500 ක පමණ පිරිසක් සහභාගි වූහ.

image 01image 02image 05image 03image 04image 06

MoT Editor

කොළඹ විශ්ව විද්‍යාලීය පරිඝනක අධ්‍යනායතනය (UCSC) විසින් සංවිධානය කරන ලද 2026 අයවැයෙහි ඩිජිටල් ආර්ථිකය සම්බන්ධ පසු විශ්ලේෂණ වැඩසටහන පසුගිය දා සාර්ථකව පැවැත්වූණු අතර, මේ සඳහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ගමන මඟ පිළිබිඹු කිරීම වෙනුවෙන් රජයේ, කර්මාන්ත සහ ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ නායකයින් එක්ව සිටිය හ. අභියෝගාත්මක කාලගුණය මධ්‍යයේ වුවද, පිරිසගේ සහභාගීත්වය සහ උද්යෝගය ශ්‍රී ලාංකිකයන් සහයෝගීව සහ නවෝත්පාදනය සමඟ ඉදිරියට යාමට සූදානම් බව තහවුරු කරන්නක් විය.

AI, දත්ත සහ API පාලනය, PDPA සූදානම සහ ආරක්ෂිත ඩිජිටල් පොදු යටිතල පහසුකම් වෙනුවෙන් අනාගතය සඳහා ඉඩ සලසන ඩිජිටල් පාලන අනුග්‍රාහකයා ලෙස XAPI හි සහයෝගය සහ සංසදය පුරාවටම ලබාදුන් දායකත්වය පිළිබඳව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වශයෙන් බෙහෙවින්ම අගය කරන්නෙමු. මෙහිදී ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය, එරංග වීරරත්න; ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල, කර්මාන්ත ක්ශේත්‍රය නියෝජනය කරමින් ඉමාල් කළුතොටගේ සහ සැසිය හසුරවමින් අනුදි නානායක්කාර සිය බුද්ධුමය දායකත්වය ලබා දුන්හ.

මෙම සැසිය ප්‍රතිපත්ති, කර්මාන්ත සහ නවෝත්පාදන අතර සබධතාවන් ශක්තිමත් කරන අතර ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය නව මානයක් කරා ගෙනයනු ඇත.

image 01image 02image 05image 03image 04image 06

MoT Editor

Google ආයතනය සමඟ සම්බන්ධ වෙමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශකත්වය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනට A සහ B ශ්‍රේණියේ මාර්ග පද්ධතිය යාවත්කාලීන කිරීමට කටයුතු කර තිබේ. Google ආයතනය විසින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත Google GMCP (google Map content partner) ලබා දී ඇති අතර මේ හේතුවෙන් මෙම යාවත්කාලීන කිරීම් මර්ග සංවර්ධන අධිකාරියට සිදු කිරීමේ අවකාශය හිමි ව ඇත.

මෙම වැඩසටහනේ දෙවන අදියරය වශයෙන් සෙසු මාර්ග පද්ධති ද යාවත්කාලීන කිරීමට නුදුරේදී කටයුතු කෙරේ.