ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G තරංග මාලා (5G spectrum) බලපත්‍ර නිල වශයෙන් පිරිනැමීමේ උත්සවය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් පවත්වන ලදී.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික දැක්ම සැබෑ කර ගැනීම සඳහා 5G තාක්ෂණය හඳුන්වා දීම අත්‍යවශ්‍ය සාධකයකි. අධික වේගය, අතිශය අඩු ප්‍රමාද කාලය (ultra-low latency) සහ ඉහළ විශ්වසනීයත්වය සහිත මෙම තාක්ෂණය මගින් දැවැන්ත පෙරළියක් අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික දැක්ම සාර්ථක කර ගැනීම සඳහා 5G තාක්ෂණය හඳුන්වා දීම අතිශය තීරණාත්මක සාධකයකි. අධික වේගය, ඉතා අඩු ප්‍රමාද කාලය (ultra-low latency) සහ ඉහළ විශ්වසනීයත්වය සහිත 5G තාක්ෂණය හරහා කර්මාන්ත, සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහන හා සැපයුම් ජාල (logistics), ස්මාර්ට් නගර සහ පොදු සේවාවන් යන ක්ෂේත්රවල විශාල පෙරළියක් අපේක්ෂා කෙරේ. එසේම, නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය සඳහා නව අවස්ථා රැසක් මෙයින් උදාවනු ඇත.
ශ්‍රී ලංකාව තුළ බලපත්‍ර සහිත 5G සේවා ක්‍රියාත්මක කිරීමේ ආරම්භය සනිටුහන් කරමින්, ඩයලොග් ආසිආටා (Dialog Axiata PLC) සහ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් (SLT Mobitel) යන සමාගම් වෙත නිල වශයෙන් තරංග මාලා බලපත්‍ර පිරිනමන ලදී. ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාවේ ජංගම ජාල යටිතල පහසුකම් දියුණු කිරීමේ වගකීම මෙහිදී මෙම ආයතන වෙත පැවරිණි.
මෙම අවස්ථාවට ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න,විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති වරුණ ශ්‍රී ධනපාල, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත්, සහ වෙන්දේසි කමිටුවේ සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන් සහභාගී වූහ.
එසේම, ඩයලොග් ආසිආටා සමාගමේ අධ්යක්ෂ සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා, මොබිටෙල් (පුද්ගලික) සමාගමේ සභාපති සහ අධ්යක්ෂ ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා ඇතුළු විදුලි සංදේශ ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පාර්ශවකරුවන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.





