Skip to main content

CROPIX ජාතික ඩිජිටල් වේදිකාව

MoT Editor

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය කිරීම සඳහා නිර්මාණය කරන ලද කෘෂිකර්ම ව්‍යවසාය රාමුව, දත්ත හුවමාරු ප්‍රතිපත්ති සහ CROPIX ජාතික ඩිජිටල් වේදිකාව පසුගිය දා (22) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී නිල වශයෙන් එළිදක්වන ලදී.

කෘෂිකර්ම අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ගේට්ස් පදනමේ මූල්‍ය ආධාර ඇතිව සංවිධානය කරන ලද මෙම වැඩපිළිවෙළ, මෙරට කෘෂිකාර්මික පාලන ක්‍රමවේදය නවීකරණය කරමින් සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීම සඳහා ශක්තිමත් පදනමක් සපයයි.

විසිරී පවතින දත්ත පද්ධති ඒකාබද්ධ කරමින් ගොඩනගන ලද මෙම ඩිජිටල් පොදු යටිතල පහසුකම (DPI) මගින් රාජ්‍ය ආයතන අතර දත්ත හුවමාරුව කාර්යක්ෂම කරමින් ක්ෂේත්‍රයේ පවතින බාධාවන් ඉවත් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ ගරු, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කළේ මෙය මෙරට කෘෂිකාර්මික පාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් බවයි. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ගරු එරංග වීරරත්න මහතා සඳහන් කළේ, මින් ඉදිරියට ගොවීන්ට ලිපිගොනු පසුපස යාමට අවශ්‍ය නොවන බවත්, දත්ත පද්ධති අතර ස්වයංක්‍රීයව හුවමාරු වීම හරහා කාර්යක්ෂම සේවාවක් සැලසෙන බවත්ය. එසේම ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ප්‍රකාශ කළේ, මෙමගින් ජාතික ඩිජිටල් න්‍යාය පත්‍රය කෘෂිකාර්මික ක්ෂේත්‍රයට ව්‍යාප්ත වන අතර, දත්ත මගින් ප්‍රතිපත්තිමය බලපෑම් ඇති කළ හැකි බවයි.

image 01image 02image 03image 05image 04image 06