Skip to main content

Sri Lanka's first Certified Data Security Officer (DPO) award ceremony

MoT Editor

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවති සහතිකලත් දත්ත ආරක්ෂණ නිලධාරී (DPO) සම්මාන උළෙල මෑතකදී බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි. මෙය රටේ දත්ත පාලනය සහ ප්‍රමිතීන් ශක්තිමත් කිරීමේ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. මෙම අවස්ථාවේදී සහතිකලත් දත්ත ආරක්ෂණ නිලධාරී වැඩසටහන සාර්ථකව සම්පූර්ණ කළ වෘත්තිකයන් ඇගයීමට ලක් කළ අතර, වඩ වඩාත් ඩිජිටල්කරණය වන යුගයක පුද්ගලික දත්ත ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ උත්සාහයේ තවත් පියවරක් ලෙස මෙම වැඩසටහන පෙන්වා දිය හැක.

ගරු, ඩිජිටල් ආර්ථික රාජ්‍ය අමාත්‍ය, එරංග වීරරත්න මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, වගකිවයුතු ඩිජිටල් භාවිතයන් ඉදිරියට ගෙන යාමේදී රජයේ නායකත්වය පිළිබඳව එහිදී අවධාරණය කළේය. එමෙන්ම අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා ද මෙම අවස්ථාව සඳහා එක් විය.

Sri Lanka’s first-ever Certified Data Protection Officer (DPO) Awards Ceremony was held recently at the BMICH, marking a significant milestone in the country’s journey toward strengthened data governance and privacy standards. This landmark event celebrated the professionals who have successfully completed the national certification, reinforcing Sri Lanka’s commitment to safeguarding personal data in an increasingly digital era.

The Hon. Deputy Minister of Digital Economy, Eranga Weeraratne, graced the occasion as the Chief Guest and highlighted the government's leadership in advancing responsible digital practices. The Acting Secretary to the Ministry, Waruna Sri Dhanapala, also joined the occasion.

image 01image 02image 03image 04image 05image 06