Skip to main content

Discussion

MoT Editor

ෆින්ලන්තයේ Oulu විශ්වවිද්‍යාලයේ සහ මදුරාසියේ Indian Institute of Technology (IIT) ආයතනයේ නියෝජිතයින් සහ ගරු, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා අතර සාකච්ඡාවක් ඊයේ දින (07) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණ.

ජාත්‍යන්තර අධ්‍යයන සහයෝගීතාව වර්ධනය කිරීම, නවෝත්පාදනය ශක්තිමත් කිරීම අරමුණු කරගත් තාක්ෂණික පර්යේෂණ සහ සංවර්ධන ආයතනයක් ශ්‍රි ලංකාවේ ස්ථාපිත කිරීම වෙනුවෙන් වන යෝජනා ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ඩිජිටල් පර්යේෂණ පරිසර පද්ධතිය ශක්තිමත් කිරීම සහ ඊළඟ පරම්පරාවේ තාක්ෂණයන් සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස රට ස්ථානගත කිරීම සඳහා අවස්ථා ගවේෂණය කිරීම පිළිබ්ඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණ.

Oulu විශ්ව විද්‍යාලයේ 6G ප්‍රමුඛතා වැඩසටහන, මදුරාසියේ IIT ආයතනයේ නවෝත්පාදන පද්ධතිය ඇතුළු අති නවීන පර්යේෂණ මුලපිරීම් පිළිබඳ ඉදිරිපත් කිරීම් මෙහිදී පෙන්වා දෙනු ලැබීය. නවෝත්පාදනයන් ඉදිරියට ගෙන යාම, ගෝලීය හවුල්කාරිත්වයන් පෝෂණය කිරීම සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික පරිවර්තනයට සහාය වීම කෙරෙහි අවධානය යොමු කරමින්, යෝජිත පහසුකමේ අරමුණු, ව්‍යුහය සහ දිගුකාලීන බලපෑම පිළිබඳ පුළුල් සාකච්ඡාවක් සඳහා මෙහිදී ආරම්භය සනිටුහන් විය.

මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හාන්ස් විජයසූරිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ ලේකම් (වැඩබලන) වරුණ ධනපාල, SLT -Mobitel ආයතනයේ සභාපති ආචාර්‍ය මොතිලාල් ද සිල්වා, OULU විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අරි පූට්ටු (මාර්ගගතව), මහාචාර්ය නන්දන රාජතේව, IIT මදුරාසි හි මහාචාර්ය ඩේවිඩ් කොයිල්පිල්ලෙයි, ආචාර්ය ශංකර් මහාචාර්‍ය රාමන්, කිත්සිරි ලියනගේ (UoP), ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

image 02image 03image 05image 04image 06