Skip to main content

ශක්තිමත් කර්මාන්ත සහභාගීත්වයක් තුළින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් කර්මාන්තය ශක්තිමත් කිරීමේ ගමන් මඟ ඇරඹේ.

MoT Editor

ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) විසින් සංවිධානය කරනු ලැබූ, තොරතුරු තාක්ෂණ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන වෙළඳපොළ සූදානම සහ ජාත්‍යන්තර වෙළඳපොළ ප්‍රවේශ වැඩමුළුව ඊයේ දින (16) ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සියේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

2025 වසරේ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රධාන අංගයක් ලෙස සැලකෙන ඩිජිටල්-කර්මාන්ත ආරම්භ කිරීමේ වැඩපිළිවෙල යටතේ “ ශ්‍රී ලංකාවේ ඩිජිටල් කර්මාන්තය සහ නවෝත්පාදන පරිසර පද්ධතිය (Digi-Industry) වේගවත් කිරීම” සඳහා පැවැත්වෙන මෙම වැඩසටහන් මාලාවේ සිව්වන සැසිය වන IT SME සැසිය අද දින කොළඹ දී පැවැත් විණ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ මෙම වෙළඳපල සූදානම සහ ජාත්‍යන්තර වෙළඳපල ප්‍රවේශ වැඩමුළුවෙහි පළමු අදියරයන් මහනුවර, ගම්පහ සහ කුරුණෑගල යන ප්‍රදේශවල සාර්ථක පැවැත්වීමෙන් අනතුරුව, ගෝලීය වශයෙන් තරඟ කිරීමට උපකාරී වන පරිදි අපගේ අපනයන ක්ෂේත්‍රය සූදානම් කිරීම, වෙළඳපොළ තුළ ස්ථාවර වීමට අවශ්‍ය උපාය මාර්ග සහ තීරණාත්මක IP සහ නීතිමය අවබෝධයන් සමඟ දේශීය නිෂ්පාදන සමාගම් බලගැන්වීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමිනි මෙවර වැඩමුළුව සහ සැසිය පැවැත්විණ.

මෙම අවස්ථාවට ගරු කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, චතුරංග අබේසිංහ; ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය යන මහත්වරුන් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ (වැඩබලන) ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ICTA අධ්‍යක්ෂ චන්දිම කුරේ මහතා ඇතුළු කර්මාන්ත සම්බන්ධතා මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

මෙම වැඩමුළුව සහ සැසිය මඟින් ශ්‍රී ලංකාව සඳහා ශක්තිමත්, වඩාත් තරඟකාරී ඩිජිටල් නවෝත්පාදන පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ අපේක්ෂාවයි.

image 01image 02image 05image 03image 04image 06