Skip to main content

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI)

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය 1964 අංක 38 දරන ලංකා ප්‍රමිති කාර්යාංශ පනත යටතේ ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රමිති පිළිබඳ ජාතික ආයතනය වේ. 1984 අංක 6 දරන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත මගින් එම පනත අවලංගු කොට ආදේශ කරන තෙක් ආයතනය ක්‍රියාත්මක වූයේ ලංකා ප්‍රමිති කාර්යාංශය යන නාමය යටතේය. දැනට ආයතනය විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර ඉහත පනත ප්‍රකාරව අමාත්‍යවරයා විසින් පත් කරන ලද උපදේශක සභාවක් මගින් පාලනය වේ.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමිති ආයතනය වීම හේතුවෙන් ශ්‍රී ලං ප්‍ර ආ, ජිනීවාහි මූලස්ථානය පිහිටි ප්‍රමිතිකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයෙහි (ISO) සාමාජිකයෙකු වේ. ජාප්‍රස (ISO) හි සාමාජිකයන් ලෙස, ජාතික ප්‍රමිති ආයතන තම ජාතික ප්‍රමිති වල පිටපත් අන්‍යොන්‍ය පදනමින් හුවමාරු කරගන්නා අතර ප්‍රමිති, තාක්ෂණික රෙගුලාසි සහ ප්‍රමිති හා බැඳුණු ක්‍රියාකාරකම් පිළිබඳව ජාතික මට්ටමින් ප්‍රජාවට තොරතුරු ප්‍රචාරණය කිරීමේ වගකීම උසුලයි.

වෙබ් අඩවිය: https://www.slsi.lk